උපන් අංකය 4 — ගොඩනගන්නා
ඔබේ උපන් අංකය කීයද?
ඔබේ උපන් දිනය ඇතුළත් කර ඔබේම අංකය සහ සම්පූර්ණ පලාපල නොමිලේ බලන්න.
ඔබේ ජීවන පලාපල — උපන් අංකය 4
4, 13, 22, 31 යන දිනවල උපන් අයගේ උපන් අංකය 4 වේ. අධිපති ග්‍රහයා රාහු.
ගතිගුණ
යහපත් පැත්ත
- තමන්ගේම මාර්ගයේ යන ස්වාධීන චින්තකයෙකි
- වෙහෙස මහන්සි වී වැඩ කරන ප්‍රායෝගික අයෙකි
- ජීවිතයේ ඉක්මනින් දියුණු විය හැක
- කිසිවෙකුගේ උදව් නැතත් ඉදිරියට යයි
සැලකිලිමත් විය යුතු දේ
- මුරණ්ඩු ගති සහ තනි තීරණ
- සුදුසු තැන නොසලකා කෙළින්ම කතා කරයි
- කුඩා දේවල් පවා ගැටුම් දක්වා වර්ධනය විය හැක
කුඩා කාලයේදී — දෙමාපියන්ට
ප්‍රබල කැමැත්තක් හා මුරණ්ඩු ගති පෙන්වයි, නව යොවුන් වියේදී බොහෝ විට වැඩියෙන්. දඬුවමෙන් හා බැණීමෙන් ඔවුන් වෙනස් නොවේ — පැහැදිලි හේතු සහිතව කරුණු පෙන්වා දී හොඳ මිතුරන් හා ඉලක්ක කරා මඟ පෙන්වන්න.
අධ්‍යාපනය සහ කුසලතා
උනන්දුවක් ඇති විට අධ්‍යාපනයේ ඉහළටම යා හැක. තාක්ෂණය, ඉංජිනේරු, පරිගණක හා පර්යේෂණවලට හොඳයි; ප්‍රායෝගිකව කිරීමෙන් හොඳින් ඉගෙන ගනී.
රැකියාව
දිගු කලක් අනුන් යටතේ වැඩ කිරීම අපහසුයි. බොහෝ විට කලක් රැකියාවක් කර, ඉතිරි කර, පසුව තමන්ගේම කටයුත්තක් අරඹයි.
සම්පූර්ණ ප්‍රතිඵලය කියවන්න — නොමිලේ
ඔබේ උපන් අංක පලාපලයේ ඉතිරි කොටස් (ව්‍යාපාර, මුදල්, ආදරය, මිතුරන්, සෞඛ්‍යය, ගමන්, උපදෙස්) කියවීමට සහ PDF ලෙස බාගැනීමට නොමිලේ ගිණුමක් සාදන්න හෝ ඇතුළු වන්න.
Google හෝ ජංගම අංකයෙන් ඇතුළු වූ පසු ඔබ කෙලින්ම මෙම ප්‍රතිඵලයට ආපසු එයි. නැවත ටයිප් කිරීමට අවශ්‍ය නැත.
සංඛ්‍යා ශාස්ත්‍රය සිතා බැලීම සඳහා වූ සාම්ප්‍රදායික මඟපෙන්වීමක් මිස නියත ඉරණමක් නොවේ.